.jpg)
සදා රැදෙමි සිතේ ඔබයි මගෙ ජීවිතේ
හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින්
සදා රැදෙමි සිතේ ඔබයි මගෙ ජීවිතේ
පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා
හිඳින්නම් සැමදා ළඟින් මියෙන තුරා
ඔබේ සෙවනට වෙලා දෙපා මුල දැවටිලා
ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා
පිරී සිත සැනසුණා හදේ සෙනෙහස නිසා
බැතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ අරා
හිතේ නැවතුන නිසා මමත් ඔබගෙයි සදා
No comments:
Post a Comment