හිරු එබෙනා - Hiru ebena (Radeesha Vandabona)


supun ayeshmantha thilini malkaහිරු එබෙනා ගුරු පාරේ
සුදු සමනල රෑනක් වාගේ
යෙහෙළියෝ හා ඔබ එනවා
සුදු සීත මීදුම් යායේ
ඔය සිනහා මන බඳිනා
නෙතු දැහැනේ වෙලුනා මාගේ
මට හැඟුනා මට දැනුනා
ඔබ සමන් පිච්ච මල වාගේ
මේ ඉස්සර දවසක රහසේ
මට අහන්න හිතුනා විගසේ
මගෙ පුංචි කුමාරිය වෙයිදෝ ඔබ නේදෝ
ආදරී ආදරී....

නිදි දෙව්දුවට හොරින් නී නෙතු පිය අද්දර ඉන්නේ
රහසින් එබී බලන්නී යලි සැඟවී යන්නී
අහසට හිරු ඕනෑමයි - පොළොවට දිය ඕනෑමයි
මා ජීවිතෙත් ඔබමයි - මේ නෙතු පියෙනා තුරා

අඳුරුයි ඒ සැන්දෑවේ
අප හමුවූ ගුරු පාරේ
කඳුලින් ඔබ සමු ගත්තේ
නිහඬයි අඳුරුයි මා ලෝකේ

කඳුලට ඉඩ දී යන්නම්
හීනෙන් වත් එනවා නම්
මා සිහිනේ රැඳිලා ඉන්නම්
හීනෙන් හමුවන්නම්

හිරු එබෙනා......

DOWNLOAD

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X