හිරු එබෙනා ගුරු පාරේසුදු සමනල රෑනක් වාගේ
යෙහෙළියෝ හා ඔබ එනවා
සුදු සීත මීදුම් යායේ
ඔය සිනහා මන බඳිනා
නෙතු දැහැනේ වෙලුනා මාගේ
මට හැඟුනා මට දැනුනා
ඔබ සමන් පිච්ච මල වාගේ
මේ ඉස්සර දවසක රහසේ
මට අහන්න හිතුනා විගසේ
මගෙ පුංචි කුමාරිය වෙයිදෝ ඔබ නේදෝ
ආදරී ආදරී....
නිදි දෙව්දුවට හොරින් නී නෙතු පිය අද්දර ඉන්නේ
රහසින් එබී බලන්නී යලි සැඟවී යන්නී
අහසට හිරු ඕනෑමයි - පොළොවට දිය ඕනෑමයි
මා ජීවිතෙත් ඔබමයි - මේ නෙතු පියෙනා තුරා
අඳුරුයි ඒ සැන්දෑවේ
අප හමුවූ ගුරු පාරේ
කඳුලින් ඔබ සමු ගත්තේ
නිහඬයි අඳුරුයි මා ලෝකේ
කඳුලට ඉඩ දී යන්නම්
හීනෙන් වත් එනවා නම්
මා සිහිනේ රැඳිලා ඉන්නම්
හීනෙන් හමුවන්නම්
හිරු එබෙනා......
DOWNLOAD


No comments:
Post a Comment