නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

මේ නගරය - Me nagaraya (Mervin Perera)


මේ නගරය මා ඔබ මුන ගෑසුනු නගරයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයි

වෑව් ඉවුරෙ දිය රල පෙල සෙම දිලෙනවා
ණුග ගස් පෙල අප නෙතුවත් තව දලු ලනවා
සරසවි බිම කන්දුරෙල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා


ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිගිති පුතා අතෙගිල්ලක එල්ලී එනවා
එ කලෙ පෑතු පෑතුම් යලි සිහි වෙනවා
ජීවිතයම සිහිනයකෙය් කිය සිතෙනවා

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X