වෙන්න තියෙන සියලුම දේවල් සිද්ධ වුණා - wenna thiyena siyaluma dewal (දිමංක වෙල්ලාලගේ - dimanka wellalage)


dimanka wellalage sinhala song lyrics


වෙන්න තියෙන සියලුම දේවල් සිද්ධ වුණා මගෙ දිවියට
නමුත් මේ ලොව හැර යන්නට සිතක් නම් තව නෑ මට
නිකරුණේ දියවීලා යන මගෙ දිවියේ හොද හරිටම
රිදෙයි වද දෙයි ඔබේ මතකය මගේ ලෝකයේ හැම දින
රිදෙයි වද දෙයි ඔබේ මතකය මගේ ලෝකයේ හැම දින.....

පමා වී ආ වසන්තයක් ලෙස ඔබ ඇවිදින් මගේ ළගටම
මේ තරම් ඉක්මනින් ඇයි නුඹ වෙන්ව ගියේ මටත් නොකියම
යටි හිතේ හිත පතුලේ වැදිලා වද දිදී තව මතකය
යලි උපන්නොත් මගේම වෙනවද සසර ඇති තුරා සදහට.....

ඈත ඉදලා බලාන උන්නම අහසත් ගෑවෙයි පොළවට
ලං වෙලා ලං වෙන්න යනකොට ඒකත් බොරුවක් හැම විට
සදහට සමු නොගත්තත් ඔබ මේ ලොවේ අද තව ඇත
මගේ ලෝකය පාළුයි අද කදුල විතරද උරුමය.....

වෙන්න තියෙන සියලුම දේවල්....

රිදෙයි වද දෙයි ඔබේ මතකය මගේ ලෝකයේ හැම දින//

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X