උදම් රළ ඔබ උදම් විය යුතු නෑ - udam rala oba (අමරසිරි පීරිස් - amarasiri piris)


Amarasiri Peiris song lyrics


උදම් රළ ඔබ උදම් විය යුතු නෑ
ගෙන ගියේ ඔබ මුහුදු පතුලට
රැගෙන යා යුතු උන් නොවේ
උදම් රළ ඔබ උදම් විය යුතු නෑ

පණ අදිද්දී තමන්ගේ උන්
පැළැඳි කණකර ඉරාගෙන ගිය
හරන්තිකයන් ඉතිරි කර වෙරළේ
අහිංසකයන් ගෙන ගියා වතුරේ

උදම් රළ ඔබ උදම් විය යුතු නෑ

වැළපෙනා බෝසතුන් දන් දුන්
නිදන පැදුරත් සොරාගෙන ගිය
අමනයන් රැළ තබා අප අතරේ
අහිංසකයන් ගෙන ගියා වතුරේ

උදම් රළ ඔබ උදම් විය යුතු නෑ

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X