කවුරුවත් නෑ එගොඩට යන්නට - kauruwath na egodata - kawruwath (අමරසිරි පීරිස් - amarasiri piris)


Amarasiri Peiris song lyrics


කවුරුවත් නෑ කවුරුවත් නෑ
එගොඩට යන්නට එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ළන්තෑරුම කෝ ඔහෙ තිබුනාවේ
කවුරුවත් නෑ කවුරුවත් නෑ.....

දවසින් දවසම පාළම හැදුනා
පාළම් මෝලේ හෙණ හඬ ඇසුනා
කිරල කැළැවේ කුරුලු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්.....

කවුරුවත් නෑ කවුරුවත් නෑ
එගොඩට යන්නට එගොඩට යන්නට....

දෑතේ ඇතැඟිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුනා
මෙතුවක් නොම ගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා වාගේ....

කවුරුවත් නෑ කවුරුවත් නෑ
එගොඩට යන්නට එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ළන්තෑරුම කෝ ඔහෙ තිබුනාවේ
කවුරුවත් නෑ කවුරුවත් නෑ....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X