සුපෙම් සුවදක් අරන් - supem suwadak aran (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando



සුපෙම් සුවදක් අරන්
ඈවිත් සුලගක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඔබයි මගේ ජිවිතේ...

පහන් තරුවක් වෙලා
ඔබේ ලෝකය පුරා
හිදින්නම් සෑමදා
ලගින් මියෙනා තුරා

ඔබේ සෙවනට වෙලා
දෙපා මුල දෑවටිලා
රැදී ඉන්නම් සදා
හදින් සෙනෙහස පුදා...

ඔබේ සුරතල් සිනා
නිවයි දුක් වේදනා
පිරී සිත සැනසුනා
හදේ සෙනෙහස නිසා...

බැතින් පෙරුමන් පුරා
ඇවිත් සසරේ සරා
හිතේ නැවතුන නිසා
මමත් ඔබගෙයි සදා

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X