සිහින සිත්තරාවි ඇස් බිම බලා සිනාසී - sihina siththarawi (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando



සිහින සිත්තරාවි ඇස් බිම බලා සිනාසී
සබකෝලකම් කරාවි හිත ආදරෙන් පිරේවී
මට නුහුරු ඉඟි කරාවි උන්මාදකම් ගෙනේවී
රතු කම්මුලක් ශ් රීයාවි සිපගන්නමයි හිතේවී

මද සිහිලසක් වගේ මා නිවාලමින් සැනසුමක් ගෙනේවී
මුළු ජීවිතේ පුරා අරමුණක් තියා හීනයක් තනාවී
මුදු සීත නිල් දියට තඹර මල වගේ ලෙන්ගතුයි කියාවී
ඔබ දීපු ආදරේ මහ මෙරක් තරම් මගෙ හිතේ දරාවී
ආදරේ දැනේවී

සඳ පාන පීරමින් පිපෙන කුමුදු මල් නුඹ වෙතයි සුගන්ධි
තරු අහුරු අම්බරේ මවන රූ රටා නුඹ නිසයි සිනාසී
දුර දුවපු හිත අරං ලඟට ලං කරන් ආදරෙන් තවාවී
මට නුඹ තරම් තවත් නෑ සිතුම් පෙලක් හදවතේ ගැහේවී
අාදරේ දැනේවී

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X