සිහි නොවෙයිදෝ ඔබට මා - sihi noweido obata ma (ජුඩ් රොගන්ස්)


Jude Rogans song lyrics


සිහි නොවෙයිදෝ ඔබට මා
ඊයේ වෙනතුරු පෙම් කළා
දෑස හඬවා දෑත හැරදා
ඔබට පෙම් කළ සිතම රිදවා
ආදරේ මගෙ හැර දමා
ඔහුට හිමි වී ඔබ ගියා

නෑ බලන්නේ එදා වාගේ ආදරේ උතුරනා දෑසින් //
ඔබ හිඳින්නේ ළඟම ඔහුගේ
නොදුටු සේ මා ඉවත බලමින්
මගේ හදවත පාරලා
ඔබ හිඳී ඔහුගේ වෙලා

සිහි නොවෙයිදෝ ඔබට මා.......

නෑ ඉතින් මට ඔබට ආයේ
පෙම් කරන්නට ඔබට වාගේ//
හිඳිනු මැන සතුටින් සදා
ජීවිතේ හැම දේ ලබා
ආදරේ මගෙ හැර
දමා ගියත් නෑ තරහා වෙලා

සිහි නොවෙයිදෝ.....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X