සැවැන්දරී හොරැහින් අඬ ගැසුවා - sewandari horahin (සංගීත් විජේසූරිය - sangeeth wijesuriya)



සැවැන්දරී හොරැහින් අඬ ගැසුවා
අවංක මං එතනම ගල් ගැසුනා
සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා
විල්ලුද ඇතිරූ පොළවේ ගැසුවා
සිහිනෙන්ද සංවාද දහසින් කෙරුවා
සංගීත සන්ධ් යාව සේ රස පිරුනා
තනියෙන් මුමුණා තනියෙන් අමුණා
(නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මඟහැරුනා)...//
සැවැන්දරී හොරැහින් අඬ ගැසුවා
අවංක මං එතනම ගල් ගැසුනා

සැවැන්දරා සුවඳින් වධ විඳිනා
අනන්ත වූ ප් රේමෙන් මම හැදුනා
නිරන්තරේ සියොළඟ පිරිමදිනා
කතන්දරේකට නුඹ මුලපිරුවා
සිහිනෙන්ද සංවාද රහසින් විසඳා
සංගීත සන්ධ් යාව සේ රස සසඳා
තනියෙන් හිනැහී තනියෙන් හඬලා
(නුඹ ගැන හිතලා නුඹටම ගයලා
සසරේ දුක මඟහැරුනා)...//
සැවැන්දරා සුවඳින් වධ විඳිනා
අනන්ත වූ ප් රේමෙන් මම හැදුනා

සැවැන්දරී හොරැහින් අඬ ගැසුවා
අවංක මං එතනම ගල් ගැසුනා
සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා
විල්ලුද ඇතිරූ පොළවේ ගැසුවා
සිහිනෙන්ද සංවාද දහසින් කෙරුවා
සංගීත සන්ධ් යාව සේ රස පිරුනා
තනියෙන් මුමුණා තනියෙන් අමුණා
(නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මඟහැරුනා)...//
සැවැන්දරී හොරැහින් අඬ ගැසුවා
අවංක මං එතනම ගල් ගැසුනා

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X