නෙතු පියන් පාරලා - nethu piyan parala (ජුඩ් රොගන්ස්)


Jude Rogans song lyrics


නෙතු පියන් පාරලා
කදුලු යයි ඉහිරිලා
හෙට දිනේ ඔබ අන්සතු වෙලා
යන්න හිතුවාද මා රිදවලා...//

තනි යහනේ මම ඉකිබින්දේ
පින්තූරේ පපුවට තියා
උනු කදුලේ ඇස් පිය වෙන්නේ
ඔබ ගාව මගෙ පන තියා
හෙට කාගේ හෝ මනාලි වී
යනවාද මා හඩාවී සදා....

නෙතු පියන් පාරලා...

ලය මඩලේ උනුසුම ගැබුරේ
අපෙ මතක නොමියයි සදා
ඔය තුරුලේ මම නිදි මැරුවේ
නිල් දෑස හුරතල් කියා
හෙට කාගේ හෝ මනාලි වී
යනවාද මා හඩාවී සදා....

නෙතු පියන් පාරලා...//

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X