මලක් උනේ ඇයි ඔබ මට - malak une ai oba (අමරසිරි පීරිස් - amarasiri piris)


Amarasiri Peiris song lyrics


මලක් උනේ ඇයි ඔබ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්...

විලක් උනේ ඇයි ඔබ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...

පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද...
ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්...

සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිවුවද...
ඒ ගීයේ සොඳුරු වදන් මුමුණනු කෙලෙසින්...

එකතු කලේ : හද රැදි ගී 

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X