මගේම චිතකය ඇවිලී අළුවී - magema chithakaya alu wi (අමරසිරි පීරිස් - amarasiri piris)


Amarasiri Peiris song lyrics


මගේම චිතකය ඇවිලී අළුවී
මගේම දෙනුවන් අභිමුවෙහී
හඬනා තැවෙනා කිසිවෙකු නෑ
මගේම තනියට අද මා පමණයි
මගේම තනියට අද මා පමණයි

ආත්මයම වී මා ළඟ සිටි ඔබ
සිටියානම් වැලපෙයි
හිම කඳු අතරේ ඈත රටක ඔබ
ඉරනම ඒ විලසයි.....

වල් බිහි වී ගිය පාළු සොහොන් බිම
කණකොක් හඬ පමණයි
ජීවිතයක අවසානය මෙලෙසයි
කර්මය ලෝ දහමයි.....

මගේම චිතකය ඇවිලී අළුවී
මගේම දෙනුවන් අභිමුවෙහී
හඬනා තැවෙනා කිසිවෙකු නෑ
මගේම තනියට අද මා පමණයි
මගේම තනියට අද මා පමණයි

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X