කදුලැල් උහුලන් හිත ගැල්වූ වේදනා - kadulal uhulan hitha (ජුඩ් රොගන්ස්)


Jude Rogans song lyrics


කදුලැල් උහුලන් හිත ගැල්වූ වේදනා
විදිමී රහසින් පෙර මතකයෙ එල්ලිලා
ඔබ මෙන් තවකෙකු හා යන්නට හිත නැති නිසා
විදිමී තනිවී ආදරේ වේදනා

කෙටි කලකදී මේ හිතට වී පෙම් හැගුම් අවුලුවා
රහසේ සැගවී ඈතටම වී නෙත හොයයි කෝ කියා
නොසිතු මොහොතේ ගියත් මා හඩවලා
නැවත එනකම් බලා ඉන්නම් සදා....

හඩා වැලපී දවස ගෙවමී පැතූ හීනෙට වෙලා
හුස්ම වැටෙනා තුරා හිදිමී තවත් හිතකට් නොයා
නොසිතු මොහොතේ ගියත් මා හඩවලා
නැවත එනකම් බලා ඉන්නම් සදා...

කදුලැල් උහුලන් හිත ගැල්වූ වේදනා..//

 සංගීතය : රදීශ් වැන්දබෝනා
 පද රචනය : ඩිලාන් ගමගේ

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X