බඹර වගේ විසේකාරයා - babara wage wisekaraya (සංගීත් විජේසූරිය - sangeeth wijesuriya)



බඹර වගේ විසේකාරයා
මම දෙබර වගේ ගණංකාරයා
සමනළය වාගේ මම හැඩකාරයා
මී මැස්ස වගේ හරි වැඩකාරයා

කෝකිලයා සින්දු කියනවා වගේ
රස වෑහෙන සින්දු කියනවා
මොණර රජා රඟදෙන විධියට අගේ
කොතනත් මම රඟදක්වනවා
මම කපුට වගේ කපටිකමට නෑ හුරුවන්නේ
කිරි කොකා වගේ හැම තැනදිම කැපිල පෙණෙන්නේ

සැළලිහිණිය වගෙ නිහඬව ඉන්නවා
නියම තැනදි කතා කරනවා
උකුස්ස වගේ දුර තියාම දකිනවා
අනතුරකදි මට තේරෙණවා
නැහැ ගිරව වගේ නිතරම මම කතා කරන්නේ
පොර කුකුළ වගේ කොතන ගියත් දිනලයි එන්නේ

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X