අන්තිම සටනේ හුස්මට සමවී - anthima satane husamata (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando song lyrics



අන්තිම සටනේ හුස්මට සමවී
විශ්මිත වු ගමනේ
දස්කම් පානා සිංහ පුතුන්නේ
වන්නියෙ මහ කැලයේ
බලාපොරොත්තුව රටට ගෙනල්ලා
අත දිග සීමාවේ
උදා ඉරක් පායයි අභිමානෙන්
ඔබයි රටට ජීවේ...

ගිණියම් වැල්ලේ ලෙයින් ලියාවි
උස් අරමුණක ඇති
දුක්විද සිත් සේ නෑ පසු බැස්සේ
මරගුලු වලට ගැටි
යුතුකම පපුවේ සුරකින සොයුරේ
දෙපයම ගියත් සිදී
එකෙකු මැරෙද්දි දහස් පුතුන්නේ
සේනා පෙරට ඇදේ....

අන්තිම සටනේ../

ගොඩබිම දියඹේ රටවට පවුරේ
මුලු විසිහතර පැයේ
නොනිදන දෙනෙතෙ එළියයි සුවසේ
යුගයක් එළිය කලේ
පළදින දවසේ ලක් මවගෙ හිසේ
කිරුළක් අතින් ඔබේ
කරනා සටනේ දහදිය රතු ලේ
එළියයි හෙටත් රටේ...

අන්තිම සටනේ.../

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X