ආදර දේදුන්න පායලා - adara dedunna payala (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


ආදර දේදුන්න පායලා
අර බලන්න දුර අහසත් දුකින් වගේ
දැන් මන්දාරම් කර අහස වැසේ
හරියට ඔබ අඬන්නට වගේ

සුළඟත් වියරු වෙස් අරන්
ආදරයට විරසක දෙගුරුන් වාගේ
ගහවැල වැලපේ.. කොල මල් ඉහා දමයි
අපෙ අගහිඟ සිත් සනසන්න වගේ

සුන්දර නිල් අහස මැදින්
ඔබෙ ආදර මුහුණේ එලිය මැවේවී
බලන්න තව සැරයක් දේදුනු දෑස් අගින්
ටිකකින් හිනා වෙලා පුන් සඳ වාගේ

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X