පෙනෙන නොපෙනෙන - Penena nopenena ( Athma Liyanage)


Athma liyanage sinhala song lyrics


පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඔ ඇවිත් හිත ලගට ‍හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්…

දකින හිමිවන හීනේ නුඔ කොතැන හිටියා
මතක සැමරුමි අතරේ ජීවිතේ තිබුණා
හඩන හිනහෙන නෙත් නු‍‍‍‍‍‍‍‍‍‍‍‍‍බෙ උරහිසේ තිබුණා
ඇත්තමයි නුඔ අහසක් වගේමයි සිතුණා

නුහුරු නුපුරුදු හීන අරන්
ලගට ඇවිදින් තුරුඑ වෙමින්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්…

මිරිගුවක හිත තියලා නුඔ දුරක ඇදුණා
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුගක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැදුනා

පෙනෙන නොපෙනෙන…..

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X