හැමදාම හඩන සිත


හැමදාම හඩන සිත හදන්න ඔබ ලග නෑනේ
කවුරුවත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ
ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නැනේ
මට විතරද දුක දැනෙන්නෙ මං දන්නැනේ…

සද මඩලට උපමාකර කවි ලියූ කාලේ
කාගෙත් දුක දැනෙනා හිතක් ඔබ සතු වූයේ
කදුළු බලා ඔබ අද මට හිනැහෙනවානේ
ඔබවම සිත පතනා කරුණ මං දන්නැනේ…

හැමදාම හඩන සිත …

නෙතු තෙමුනා මගෙ මතකෙට ඔබ එන ගානේ
තාම හිතේ ඔබ ඇරුණම කවුරුත් නෑනේ
අද නැති මුත් ළග සිටි දා සිත හැදුවානේ
හිත මේ තරමට අසරණ ඔබ හින්දානේ…

හැමදාම හඩන සිත …

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X