දිවුරාලා පවසන්න - Diwrala pawasanna (Centigratz)


Centrigrates sinhala song lyrics


දිවුරාලා පවසන්න මට ආදරෙයි නම්
මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්
එය සත්තකයි සොදුරෙ මා මියෙන තාක්කල්
ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්…

හිරු මල් දෑතේ සගවා වළාරොදක නැගිලා
සත් සමුදුරම කළඹා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනහවෙ රැදී ඉන්න සසරේ
මුදු මල් යහන මගෙ වේද හැමදාම සොදුරේ…

සියුමැලි ඇගිලි තුඩු හදට තදකොට තබාලා
ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා
සුසුමක් හෙලන හැම වරක ඔබමයි සිතාලා
නිදියන්න මගෙ මැණික මට තුරුළු වීලා….

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X