අතීතය සිහිනයක් පමණයි - Athithaya sihinayak (Karunaratne divulgane)


අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
මෙදා වියොවක් නෑ

තැනු මන්දිර බිඳි වැටුනත්
නෙතෙ කඳුළක් නෑ
සිනහ වෙන්නට වරම් නොලදත්
සිතේ කිලුටක් නෑ

අතීතය සිහිනයක් පමණයි...

සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබු දිනුමක් නෑ

අතීතය සිහිනයක් පමණයි

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X