යං යං යං හීනෙට ඇවිදන් යං yan yan yan heeneta awidan yan (Suwahas ft Smokie)


යං යං යං හීනෙට ඇවිදන් යං yan yan yan heeneta awidan yan (Suwahas ft Smokie)

 
යං යං යං හීනෙට ඇවිදන් යං
මන්දාකිනියම පීරං

හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඔනේ
මගේ හීනේ වෙනස් අමුතුයි දකින්න ඕනේ
මගෙ කරගන්නයි මට ඔනේ මුළු ලෝකෙම
 ඔව් හීන ඇත්ත වෙන්නේ නෑ තමයි හැමෝගෙම 
ඒත් කවුරුත් නැතත්  විස්වාශයි මට මාව

නපුරු තරමටයි ලැබෙන්නේ පලදාව
එක දේ ඉන්නෙ බලං අහස දිහාව
නැති වී නොවි තියෙන්නෙයි 
අම්මගේ මුනේ හිනාව වාසනාව නෙවෙයි

හැකියාවයි අංක එක හෙලකුන ආශිර්වාද
 ඉන්නේ මම හංගගෙන
පිලිගන්න මම හද නැත තරු ගන එක
මම එන්නේ හදත් අරන් දහසක් වස්සාගෙන

යං යං යං හීනෙට //

ඒ පොඩි ලෝක සිතියම
මම මගේ හීන හොයන්නේ පීරං මන්දාකිනියම 
හැමවෙලාවෙම වෙන්නෑ ආස විදියම
යකඩේ හැඩකරන්නේ ඕන වෙන්වා ගිනියම

අපි ලබාගත්ත බොහො දෙවල් ඉබේ ලැබෙන්නෑ 
ලේසි ක්‍රමයෙන් සතුට හිතේ රැදෙන්නෑ
වේදිකාවට නැග්ගම තිරේ ඇරෙන්නෑ
මගේ හීනේ ඇත්තක් වෙනකල්ම මැරෙන්නෑ

සුභ පතනවා වගේ මට හමන හුලග
මල් වැසි මුමුනයි ජයග්‍රහනේ පුවත
හීන හොයන නැවත උත්සහය රුවල
හෙල රැප් පොතට තවත් නමක් සුවහස්

යං යං යං හීනෙට//

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X