විරාග රාගය අතරේ තනි වු ආලය - wiraga ragaya athare (අමල් පෙරේරා - amal perera)


"විරාග රාගය අතරේ තනි වු ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වු ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය.......

ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා
ඈ මුකුලිත වූවා
කරගනු ඈ සතු නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබේ මුණිවර මනසින් පෙම්කළ දා
ඈ අසරණ වූවා .......

විරාග රාගය අතරේ.......

නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඇය තනුවක් කර ගත් දා
ඈ ලොව අහිමි වුණා
ඔබේ මිලින ගති ඇයට නොවේ රිසි
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා
ඈ මවෙතට ආවා.......


විරාග රාගය අතරේ......

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X