තව ටික කාලෙකින් මම මියදේවි පුතේ - thawa tika kalekin (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


තව ටික කාලෙකින් මම මියදේවි පුතේ
මාව ගිහින් දාන්නෙපා වැඩිහිටි නිවසේ
කොලොම්පුරේ නුඹේ ගෙදර පහල කාමරේ
මාව තියාගන්න බැරිද රත්තරං පුතේ...

ලොකු දුවගේ ගෙදරට වී හිටියා බොහො කල්
එහෙ ඉන්නා හැමදෙනාට මාව ලොකු බරක්
මැරෙන්න මොහොතකට කලින් නුඹේ ලග ටිකක්
තියාගන්න පුලුවන්නම් පුතේ ලොකු පිනක්...

අපි ඔක්කොම එකට හිටිය කාලෙ මතකද
මන් කැව්වම විතර්යි පුතු කෑවෙ බත් ටික
සාංකාව වගෙයි පුතේ ඔයා නොදැක්කම
ගමට එන්න පුතාගෙ සුදු මූණ බලන්න...

එකතු කලේ : හද රැදි ගී

1 comment:


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X