තණමල්විල මල් පිපුණත් තහනම් නීතියට - thanamalwila mal (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


තණමල්විල මල් පිපුනත් තහනම් නීතියට
ඒ සියලුම මල්වල ඇති සුවඳ සිදාදියට
හිරිමල් විය ඉඟි කෙරුවත් ඉඳුවර හීනියට
සිත්මල ලං කරන්න එපා ඇවිලෙන පාපයට

පොල් අතු පැල්පතක හීන රන්දා මාලිගයක
ලෙන්ගතු වී කතාකරයි යන්න දේව ලෝකෙට
කාසි පඳුරු පීදුනාට ගිනිගත් ජීවිතයක
ඇවිද්ද පය විලංගුවේ ඔය කහමල් යායට

තණමල්විල මල් පිපුනත් තහනම් නීතියට....

අපේ ගමේ සිටුවරයින් යහමින් ඇති අතමිට
කාසිවලට හාද වෙලා නගරේ ලොකු උදවිය
නීතිය තහනම් වුණාට තාමත් ඉර හඳ යට
කොළඹට අරගෙන එනවා තණමල්විල මල්ටික

තණමල්විල මල් පිපුනත් තහනම් නීතියට....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X