සුදු සඳුන් මලක සුවඳ දිගේ - sudu sandun malaka (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


සුදු සඳුන් මලක සුවඳ දිගේ
සිත පැටලෙනවා..
මට කඳුලු දිදී නුඹෙ සුවඳට
තව ලං වෙනවා..
ඒ අතීතයේ සිතුම් පෙලම
මට රිදවනවා..
ඒ අතීතයේ සිතුම් පෙලම
මට රිදවනවා..

සඳුන් සුවද තවරාගෙන ඔය වත කමලේ
ලැසි ගමන් ලතාවෙන් ආවා හැම හැන්දෑවේ
අපි අනන්තයට යන්න නොවේ පාරමි පිරුවේ
නුඹ මටත් හොරෙන් කොහෙද ගියේ නෑ මට කීවේ..

සුදු සඳුන් මලක......./

රිදුම් දිදී පෙරදා ගැන මම සිතන්නෙමී
ඒ වේදනාව සතුටක් ලෙස අද විදින්නෙමි
ඔබ යන්න ගියත් මට පිටුපා දුක් නොවන්නෙමි
අද සඳුන් මලක සුවඳ මගේ තනි රකින්නෙමි..

සුදු සඳුන් මලක.../

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X