සිතින් විතරක්‌ පෙම් කරන්නම් - sithin witharak (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ

නිසල නෙතින් ඔබ මදෙස බලා හිදී
දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
දෙනෙත් ඔබවෙත පාකරනු බෑ දෙතොල් සිනහා මවනු මට බෑ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ

සසල උනත් මගේ සිතුවිලි ඔබ ලග
නිසල කරන් මම ඉන්නම් සැම දින
කාත් කවුරුවත් නොමැති මා හට ඔබත් අහිමිව ගියපු අරුමය
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X