සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ - sada seetha gena raa (අමල් පෙරේරා - amal perera)


"සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ

කඳුළු ගේන නෙතු දැකලා පරාද වී නෑ
යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ

සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ

මලක රේණු පෙති විදහා පිපෙණ දිනේදී
බඹරු රෑන මළ සොයලා ඉගිල ගියාවේ
පවුරු නේක බිඳ දමලා සතුටු සාද දිය පුරවා
බඹරු රෑන මල සිඳලා පලා ගියේ නෑ

සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ

සයුර සේම රැළි ගලනා පැතුම් පිරේවි
අහස සේම මල් සිහිනේ පැතිරී යාවි
සීත රෑක තරු බොඳවී නුවරු ඈත ඇත තනිවී
තරුණ දවස නැත නිම වී ඉඳිමු සිනාසී

සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ

කඳුළු ගේන නෙතු දැකලා පරාද වී නෑ
යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ

සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ
සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X