රෝස පෙති අතුරාලා - rosa pethi athurala (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


රෝස පෙති අතුරාලා - යහන මත සතපාලා
සුපෙම් හිත ළගින් හිඳ - සුසුම් ලමු කොදුරාලා
කඳුළු පිණි වැහේවී - නිදන හිත ඇහැරේවි
පපුව මත සුවඳ විද දෙතොල් පෙති යා වේවි...
රෝස පෙති අතුරාලා...

තරු පේලී පීදීලා - සඳ යහන පිරීලා
නුඹේ දෑස විහිදාලා
අපේ කෝඩු හීනේ සරසාලා...//
ඉඳු නීල නෙතු ගාව රැදෙමි සදා...

රෝස පෙති අතුරාලා....

පැතු හීන වැහිලා - අද යාය නැවීලා
පණ වාගේ පැහීලා
මතු ආයේ මාගේ සඳ වේවා...//
ඉඳු නීල නෙතු ගාව රැදෙමි සදා....

රෝස පෙති අතුරාලා....

පද රචනය :- ෂෙහාන් ගලහිටියාව
සංගීතය :- රොමේෂ් සුගතපාල
ගායනය :- චාමර වීරසිංහ

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X