ලය ගින්දරින් ගිනිගන්නා රෑ යාමේ - laya gindarin gini ganna (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


ලය ගින්දරින් ගිනිගන්නා රෑ යාමේ
කිම මා සොයා මගෙ උදුවප් සද නාවේ
හොදටම රිදී නෙතු දොරගුලු බිදුනාවේ
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ

තරුකැට දෙකතුනක තනිකම මකන්නට
මට බැරිවේවි නුඹහට මෙන් විටින් විට
වරදින් මිදී නුඹ යලි ආවොතින් ගෙට
වරදක් කියන්නෑ කවදාවත් නුඹට

නුඹටම හුරුපුරුදු නැලවිලි නොදත් මම
තනියම කෝම පැටවුන් නිදි කරන්නද
දරුවන් නිසාවත් යලි ආවොතින් ගෙට
අහිතක් හිතන්නෑ කවදාවත්ම මම

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X