පිණි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන් නෑ - pini watunata sudu nelumata (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando



පිණි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන් නෑ
මල පිපුනට පණි බිඳු වල වෙනසක් වෙන් නෑ
ළඟ නොමැතිව දුර හිටියට අමතක වෙන් නෑ
ඔයාගෙ ඔය පුංචි හිතට දුකක් දෙන්න බෑ

සිරගත කල සිතුවිලි වල කිසි අඩුවක් නෑ
අපි ගත කල තැන් තැන් වල මතකය යන් නෑ//
වෙනදට වැඩියෙන් ආදරෙ කිසි වෙනසක් නෑ
මොන දේවල් ලැබුණත් මට ඔයා නැතුව බෑ

අදට වඩා හොඳ දවසක් හෙට නැතිවෙන් නෑ
ඔබ ළඟ ඉන්නව නම් මට කාලය යන් නෑ //
දිනාගන්න ඔයාව හැර වෙන කිසිවක් නෑ
මොන දේවල් ලැබුනත් මට ඔයා නැතුව බෑ

පිණි වැටුනට..............

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X