ඔබට නොහැක මගෙ සෙවනට එන්නට - obata nohaka mage (Centigratez)


Centrigrates sinhala song lyrics


ඔබට නොහැක මගෙ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට
නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට
අපේ සුසුමන් හමුවෙලා මුමුනනු ඇත

අතැඟිලි නොබැදෙන සිත බැඳි සෙනෙහස
සසර පුරා ලඟ ඉන්න ඇතී
මේ අත් බවයෙත් ඒ වාගෙම අපි
හමුවී වෙන්වී යන්න ඇතී

හමුවී වෙන්වෙමූ සසර පුරුද්දට
එකම ස⁣ඳේ සඳ එළිය දකිනකොට
ඉසුරුමුණිය පෙම් යුවළ නොවෙයි අප
හිනහෙමු කඳුලැලි සඟවා හිත යට

 කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X