නිල් කටරොළු මල් ගොමුවේ පැණි උරණා - nil katarolu mal (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





නිල් කටරොළු මල් ගොමුවේ පැණි උරණා සමනලයෙක්
මිදුලේ දුව පැන නටනා පුතුගෙ අතේ ගල් අහුරක්
කුරුමාණම වැරදුනාට කමක් නෑ පුතේ
සතුනට හිංසා වදදී නොවෙන් පුතේ දඟ ළමයෙක්

පුංචි කමට නොදැන කරන වැරදි වලට සමා නොදී
කෝටු පාර ඉඳ හිටලා පුතුට තලද්දී
නෙත කඳුලින් නු  ඹ හදද්දී හිත කඳුලින් මං හැදුවෙමි

නිල් කටරොළු මල් ගොමුවේ

කිරි කලහට පෙරී නුඹට පා පොඩි එසවුණු දා සිට
සුරතල් සිහිනයකි මගේ ලය මුලු ගැන්වී රැඳුණේ

නුඹ හොඳ මිනිහෙක් වනදා....
මල් පිපියන් මගෙ සිහිනේ....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X