දෙවොලේ නොකැලැල් පිදු ආදර මල් - dewole nokelal (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





දෙවොලේ නොකැලැල් පිදු ආදර මල්
සුවඳින් මනකල් පිබිදෙමි හැමකල්

මලෙකින් මලකට ඇදෙමින් නොඉඳුල්
නිගා දෙවයි පෙම් ලොවටම මිහිලොල්
එක මලකින් පමණක් රොන් ගන්නම්
අන් මල් මත නොතබා උණු කඳුලැල්

පවසට පල නැත සයුරේ රළවැල්
දිය දෝතක් ගමි දොලකින් සිහිලැල්
පීඩිත වී සිටිනා සඳ අඳුරේ
ඔබ පමණයි ගෙන ආවේ හසරැල්

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X