මලින් මලට ඉගිළුනාට සමනලයින් නොවේ - malin malata igilunata (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





මලින් මලට ඉගිළුනාට සමනලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ //

හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
කුසේ ගින්න සනහන්නයි අතුරේ පිය මනින්නේ
මලට කලින් අපි තැලිලයි පූදින මල් තලන්නේ
අපේ දුකට හඩන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ

මලින් මලට... //

අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ
පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නේ
නැතිබැරි කමයි උඩු හුලඟේ ලණු දෙපොටින් වැනෙන්නේ
සවුදිය පුරන මහ පොළවට අපි දහඩිය වඩන්නේ

මලින් මලට... ///

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X