කොළොන්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ - kolompure nuba inna (සමිතා මුදුන්කොටුව - samitha mudunkotuwa)


samitha mudunkotuwa song lyrics


කොළොන්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
කිරිල්ලියෝ ඉගිලෙනවාලු නිදැල්ලේ
අත වැනුවට නොවැටි මන් මුලාවේ
හිත රැදියන් මගේ සෙනෙහේ කැදැල්ලේ //

දේදුන්නේ පාට අරන් සේල අදිනවාලු
ඔමරි සිනා කෝල බැලුම් උහුලන්නට බෑලු
ඈත රටින් ගෙනාපු කුසුබ හිත රවටනවාලු
මගෙ රන් කද ඒ කුසුබට රැවටෙන්නේ නෑලු

කොළොන්පුරේ......

වෙල් එළියේ වෑ කන්දේ දුව පැන නැටුවාලු
දෙවැට දිගේ යන එන කොට ඉගි බිද පෑවාලු
කොයි දෙසේ හිටියත්ඔබ මගෙමයි කීවාලු
මගෙ රන්කද මතක නේද අපි දෙන්නා යාළු

කොළොන්පුරේ......


No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X