ජීවත් වනදා දැක ගන්නටවත් - jiwath wanada daka gannatawath (වික්ටර් රත්නායක - victor rathnayaka)




ජීවත් වනදා දැක ගන්නටවත්
ඇවිත් නොගිය දරුවෝ
කඳුළෙන් මව්පියෝ මිය ගිය දිනයේ
රන්මසු වැය කෙරුවෝ....

මහමග සුදු වැලි දෙපසේ සැරසිලි
අහසින් වස්වා මල් වරුසා
රිය පෙරහැරකින් සොහොන් බිමට යති
යුතුකම් ඉටු කළ වග පවසා....

මහගෙයි උරුමය හිතේ තියාගෙන
දරුවන් සොහොනින් ඉගිළිල්ලා
හත්දොහේ දානෙට නාවත් සේරම
උරුමය බෙදුවා එකතු වෙලා....

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X