හදාගන්න මේ හිත මාගේ - hadaganna me hitha (Centigratez)


Centrigrates sinhala song lyrics


හදාගන්න මේ හිත මාගේ - හිනාවෙන්න මා රවටා..
දමායන්න දෝ ලංවූයේ - කියාදෙන්න වරද සොයා..
එදාදුන්න ආදර ලෝකේ - හදේ ගැස්ම දෝර ගලා..
හමා යන්න මාරුත ගින්නේ - සදාකල්ම අතැර දමා...

ඔය තුරුලේ මෘදු දෙතොලේ
සුව යහනේ හාදු තියා..
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නැ ආයේ එන්නේ...//

මේ දෑසේ ඔබ හා මා - උන් කාලේ සිහිවූවා..
පායා ආ තරු සිඳුනා - සංතාපේ මා වෙලුනා..
නැ මා නම් හැඩවූයේ - සංසාරෙ රිදවූයේ..
ජීවිතයේ සැනසූයේ - ආදරයේ අරුමෙද මේ...

ලා ලා ලාල ලා ලලලා....
ලා ලා ලාල ලා ලලලා....

නැ මා නම් හැඩවූයේ - සංසාරෙ රිදවූයේ..
ජීවිතයේ සැනසූයේ - ආදරයේ අරුමෙද මේ...

ඔය තුරුලේ මෘදු දෙතොලේ
සුව යහනේ හාදුතියා..
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නැ ආයේ එන්නේ...//

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X