අවසන් පෙම මගේ ඔබමයි මේ භවේ - awasan pema mage (දිමංක වෙල්ලාලගේ - dimanka wellalage)


dimanka wellalage sinhala song lyrics


අවසන් පෙම මගේ ඔබමයි මේ භවේ
වෙන කවුරුත් වගේ නැති හින්දා ලොවේ
ඔබ හට හැකි නම් ආයේ
ඇති තැනකින් එක මොහොතක් මගෙ දුක නිවන්නට
ඔබ ඇවිල්ලා යන්න.... ඔබ ඇවිල්ලා යන්න
අවසන් පෙම මගේ ඔබමයි මේ භවේ

මගේ අඩුපාඩු සොයා නිතරම වැරදි කියා
බොරුවට සැක කරලා ඔබ ගියදා ඉදලා
දින සති රහසේ තනිවෙලා නොදැන ගෙවිලා
යලි කවදාවත් ඔබ මගේ නොවෙන හින්දා
ඔබ ඈත හිටියත් හිතක් නෑ වගේ
අවසන් කැමැත්තත් එයයි අද මගේ
කවද හෝ මම මලොත් පැල්පතට අපේ
ඔබ ඇවිල්ලා යන්න.... ඔබ ඇවිල්ලා යන්න

ඔබේ අත ගන්න සදා මම පිං නොකල නිසා
එල්ඛෙන භවයක මා ඔබගෙම වෙන්න සිතා
තිලෝඅග බුදුගේ මුනි දෙපා වදිමි හැමදා
මතු සසරේවත් ඔබ මගේ වෙන්න පතලා
දුක ශෝකේ එක සේ ඛෙදා පෙර දිනේ
ගත කෙරුව මතකේ තියා හදවතේ
කවද හෝ මම මලොත් පැල්පතට අපේ
ඔබ ඇවිල්ලා යන්න.... ඔබ ඇවිල්ලා යන්න

අවසන් පෙම මගේ........

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X