ගොළු දරුවෙක් වුණා කියල අනේ අම්මෙ මාව - golo daruwek una (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"ගොළු දරුවෙක් වුණා කියල අනේ අම්මෙ මාව
දාල ගියෙ ඇයි මේ ලෙස ළමා නිවාසයක
දෙමව්පියන් නිතර ඇවිත් දන් දෙනවා මෙහෙට
ඒ පින් වත් ලබා ගන්න අම්මෙ ඇවිත් යන්න

මං මෙලොවට ඉපදීමත් කරදරයක්ලූ
මේ තත්වෙට මං වැටුනේ ඔබෙ වරදින්ලූ
යන එන අය මං ගැන තව තව හොයනවලූ
ලස්සන කොලු පැටිය කියල යන්න යනවලූ

ගොළු දරුවෙක් .......

හදාගන්න අරන් යන්න ඉල්ලනවා මාව
දැනගත්තම ගොළුයි කියල දාල යනව මාව
මේ ලිපිය ලියන්නේ දකින්න මගෙ සුදු අම්මාව
වැඳල කියන්නම් අම්මේ අරං යන්න මාව
අරං යන්න මාව

ගොලු දරුවෙක් ......"

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X