දස මසක් පුරා මා නුඹගේ කුස දරා - dasa masak pura (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"දස මසක් පුරා මා නුඹගේ කුස දරා
ලේ කිරෙන් පොවා මා හදෙහි පන පොවා
ගං දියට මෙමා දෑතින් නුඹ විසි කලා
කෑ මොර දුන්නත් අම්මා මා හැර ගියා
කෑ මෙර දුන්නත් අම්මා මා හැර ගියා

වතුර පෙවි හුස්ම ගන්න බැරි උනා
මරන බයෙන් ගොඩට එන්න වෙහෙසුනා
අවසන් මොහොතෙත් අම්මව සිහි වුනා
ඔබේ පුතා ගං පතුලට බිලි වුනා
ඔබේ පුතා ගං පතුලට බිලි වුනා

දස මාසේ ගාතාවේ පද කියා
මම වැන්දා මගේ අම්මේ නුබේ දෙපා
විසි කරනා මොහොතේ වතුරට මෙමා
සිහි වුවේ නැතිදෝ ඒ මා කියා
සිහි වුවේ නැතිදෝ ඒ මා කියා

පන්සලකට දුන්නා නම් ඔබේ පුතා
සිවුරැ දරා සඟ රැවනක් වි සදා
අම්මාවත් සසරින් එතෙරට තියා
සනසනවා අකලට පර වි නොයා
සනසනවා අකලට පර වි නොයා
සනසනවා අකලට පර වි නොයා

"

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X