ඇතුල් හිතේ හිත පතුලෙම - athul hithe hitha pathulema (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"ඇතුල් හිතේ හිත පතුලෙම
පරිස්සමින් හංඟා..
තුරුළු සුවේ සියුමැල්ලෙන්
පිරිමැද නිදිකරවා..
පතුල් පවා සිඹ සිඹ
නිදුකින් මා කර පින්නා..
නැළවිල්ලෙන් ආත්මයම
උණුහම් කල අම්මා..
මගේ අම්මා...

වචන රහිත දිගම පේන
ගීය කනේ රන්දා..
දුකින් තොරව දිවි ගෙවන්න
පාර කියුවේ අම්මා..
නැතිබැරි කම් හංඟා
ඇති දේ පිරිමහලා..
කවා පොවා හැදුවේ අම්මා..
ආත්මයම හැදුවේ අම්මා..

හරිම තැනින් පටන් ගන්න
කියා දුන්නු හින්දා..
හොදම දෙයක් කරන් යද්දි
සතුටු වෙන්නේ අම්මා..
සැප විදිනවා දැකලා..
හිස සිඹ සුභ පතලා..
හිනා වෙවී හැඬුවේ අම්මා..
ආත්මයම හැදුවේ අම්මා..


ගායනය : අසංක ප් රියමන්ත පීරිස්
පද රචනය : කැළුම් ශ් රීමාල්
සංගීතය : රධීෂ් වැන්දබෝනා
"


No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X