අනේ මහත්තයො අරගෙන ආවට දානේ - ane mahaththayo aragena (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

 "අනේ මහත්තයො අරගෙන ආවට දානේ
පින් දෙන්නම් නිවනට යන්නට සංසාරේ
මටත් තාත්තෙක් හිටියානම් ඔබ වාගේ
මොනවා නොලැබුණත් කමක් නෑ මතු ආයේ.....

පුතයි දුවයි දෑතේ එල්ලිලා එනකොට
සෙලවෙනවා මහත්තයෝ අපෙ කඳුලු කැට
අපෙයි කියන්නට අම්මෙක් අප්පෙක් නැතිව
විඳින්න සතුටක් කොයින්ද පුතෙකුගෙ හිතට....

අනාථ නිවසේ පිවිසුම් දොරටුව ළඟට
ගිහින් යවනවා ඇස් දෙක බලන්න දුරට
අම්ම තාත්තා කියලා කියන්න රටට
කිසිම කෙනෙක් ආවෙ නෑ බලන්න අපිව...

අනේ මහත්තයො....
"



No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X