වෙරළ කොනක හිඳ - Werala Konaka hinda (Prince)



වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ 
වෙන්වන්නට මුණගැසෙමු යළි...

වෙරලේ හැපෙනා දළ රළ අතරේ
මුමුණයි හෙමිහිට අපේ කථා
රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත් 
සුදු වැලි මුමුණයි අපේ කතා...

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි...

ඔබ හා දොඩනට ගත සිත ශක්තිය 
නැති ලෙස හදවත හඬා වැටේ
එනමුදු අප පෙම් කතාව නිම වී 
සමුගන්නම් අද තරහ නොවී...

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි...

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X