මේ පාළු සීත රාත්‍රියේ - Me palusitha rathri (Chandraleka)


මේ පාළු සීත රාත්‍රියේ..
කියාදෙන්න රහසින්..
ප්‍රේමය නම් කිමැයි කියා...//
මේ පාළු සීත රාත්‍රියේ - Me palusitha rathri (Chandraleka)

නිදිමත තරුකැට කඩාවැටේ..
ඉඩදී අඳුරට අහස්තලේ...
සඳ මල මිලිණව බලා හිදී..
දකිනතුරා අඩ නුවන් අපේ..

සඟවා ළය මත - ඔබෙ වත රහසින්
කියාදෙන්න ලංවී..ප්‍රේමය නම් කිමැයි කියා..

මේ පාළු සීත රාත්‍රියේ...

ගහකොල නිසලව බලා හිදී..
පවන් රොදක සිහිලසින් මිදී..
පිණිකඳුලැලි කැට කඩා වැටේ..
ඇහෙන තුරා පෙම්වදන් අපේ..

සුසුමක් සුසුමට ලංකර රහසින්
කියාදෙන්න ලංවී...ප්‍රේමය නම් මෙයැයි කියා...

මේ පාළු සීත රාත්‍රියේ...

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X