රිදි පාට කල පා තුඩු පයට පැගිලා
නපුරු වි ඔයා මා සලලෙකුට සම කලා
සුමුදු මුදු දෙපා පාමුල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුබ ළග හඩා වැලපෙනා
විදින වෙදනා මදිවට නගයි චොදනා
උහුලගන්න බැරි ගින්දර හිතේ ඇවිලුණා
පිරිඉතිරිලා ගිය බස් රථය ගොඩ වෙලා
බලා උනුමි අසරණ වි කදුලු සගවලා
නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
ඒදා යුධ බිමේ මතකය ඔයා දන්නැති
සාදාකල්ම නොමියෙන රණවිරුවා මම වෙමි
Nice song lyrics.. you can see more Sinhala song lyrics here
ReplyDelete