පෙම් සිනාව - Pem Sinawa (Priya Sooriyasena)



Supun Ayeshmantha

පෙම් සිනාව ඔබ පෑව සිතේ නැවතුනා
මගේ සිහිනය ඔබත් එක්ක හිතේ සැග වුනා
ඔය නෙතු යුග මගේ වෙන්න සිතක් ඇති වුනා
මගේ සිත හොර රහසෙම හුගක් දුර ගියා ....

මගේ දෙනෙතේ ඔබ ඇදිලා සිත්තමක් වගේ
මම තනියම ඉකිබින්දා ඔබ නැති පාළුවේ
හදවතේ රැදුන හුස්ම පොදක් ලෙසින් ලංවුනේ
ඔබ එනකම් ඉන්නද පුරැදු තනිකමේ ...

මල් සුවදේ අපි බැදිලා හීනයක් වගේ
මගෙ මතකයේ හරි මිහිරියි ඔබ දුන්නු ආදරේ
හදවතින් බැදි ඔබ ලගින්ම ගෙවුනු කාලයේ
මගේ ඡිවිතය ඔබ වන බව නොදැන දුර ගියේ

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X