කදුල ඉතින් සමාවෙයන් - Kandula ithin samaweya (Keerthi Pasquel)


Keerthi pasquel sinhala song lyrics


කදුල ඉතින් සමාවෙයන්
අපි වෙන් වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඇය එනවා
සිරි යහනේ තනි රකින්න

කළු වළාව නැගෙන්නෙපා - ගගට උඩින් හැන්දෑවට
මුදුන් ලීය යටින් පොළොවේ - ගොම හේදෙයි අලුත් පිටම
කන්ද කපා හද පායා - සදරැස් යහනට වඩින්න
සද එළියෙන් ඇගේ ගතේ - පිපි ගෝමර මල් දකින්න

මල් දෙවැටේ වතුසුදු මල් - පිපේවි ඈ පිළිගන්නට
උපුල් තලා ඔමරි සිනා - මතුවෙයි මල් පරදන්නට
බිළිදු ගෙනා කිරි සුවදක් - ගෙපැල දොරින් හමා එන්න
ඉඩ දීයන් වළාකුලේ - මගේ සිහිනය මල් පිපෙන්න

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X