සාගරේ තරම් - Sagare tharam (Dammika ft Thilini)


Thilini Malka , I love you soo muchසාගරේ තරම් ආදරේ අරන්
සරා සිහිනයේ නැවතිලා
පිරූ මතකයෙන් සිනා මල් හොයන්
පැතු සේ මා සිතුම් පුදලා
නුරා මල් හැඟුම් ඇහැරලා
සදා ජීවිතේ නුඹ වෙලා

ආදර කවියේ දුරක ගිහිල්ලා
ජීවිත හීනෙට පාටක් දුන්නා
හීසර හිත යට කොනකින් තියලා
සුළඟට ඒ පෙම් කතාව කිව්වා
තනිකම රෑ තුරුලේ උන් දා
හොරෙන්ම ඇවිදින් හිටියද මන්දා

සාගරේ තරම් ආදරේ අරන්
සරා සිහිනයේ නැවතිලා
පිරූ මතකයෙන් සිනා මල් හොයන්
පැතු සේ මා සිතුම් පුදලා

පාවෙන සුසුමේ උණුහුම හංගා
හීතල දෙතොලින් දෙකොපුල ඉම්ඹා
සාගර රළ හා තනුවක රංදා
ආදර ගීයම කවියක් ලිව්වා
ඇසි පිය ගෑ ඒ සිහිනේ දුටු දා
සෙනෙහෙට ගැඹුරක් කොහෙන්ද මංදා

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X