දිනෙක රන් සළු පළදා - Dineka Ransalu palada (Milton Mallawaarchchi)


Thilini Malka , I love you soo muchදිනෙක රන් සළු පළදා
සඳ නැගි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ
පෙම් දෝලාවෙන්...//

ඇසුරු කළ කම්පන හා සැනසිලි පස මිතුරු
ගෙවුනු යෞවන විය තනි නොතනියේ උන් අයුරු
නැවත නොලිහෙන ලෙස රැහැනින් බැදලා පවුරු
සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇතිදෝ කවුරු

දිනෙක රන් සළු...

වියලි මග මහ වැලි කාන්තාර පසු කරවා
පවස සන්සිදවන ලෙස දිය උල්පත් අරවා
පරව ගිලිහෙනතුරු සියොලග කලු සළු පොරවා
ඔබය දිය යුතු හිස්වන විට දිවි විත පුරවා

දිනෙක රන් සළු...

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X